Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 1:10 - Sinhala New Revised Version

10 ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය යහපත් බව උන් වහන්සේ දුටු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 1:10
7 හුවමාරු යොමු  

එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.


සමිඳුන්ගේ මහිමය සදහට ම පවතී වා! සමිඳාණෝ තමන් මැවූ සියල්ල ගැන සතුටු වෙත් වා!


ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර


එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක.


එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය.


එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක. එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.


ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්