Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 7:3 - Sinhala New Revised Version

3 එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට නාතාන්: නුඹ ගොස් නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි රජුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 7:3
14 හුවමාරු යොමු  

දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “මාගේ පුත්‍රය, දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි.


එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය.


ඈ වනාහි කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්ලාගත්තා ය. එවිට ගෙහාසී ඈ අහක් කරනු පිණිස ළං විය. එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “ඈට කරදර නොකරන්න; ඇගේ සිත ශෝකී ව ඇත. සමිඳාණන් වහන්සේ එය මට නොදන්වා මාගෙන් සැඟ වූ සේකැ”යි කී ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.


උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.


සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත.


ඔබේ මන දොළ ඉටු කරන සේක් වා! ඔබේ පැතුම් සාර්ථක කරන සේක් වා!


මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක.


තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය.


ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය.


එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ.


මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්,


තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්