Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 7:15 - Sinhala New Revised Version

15 එහෙත්, නුඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නො‍කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත්, නුඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නො‍කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එහෙත් නුඹ ඉදිරියෙන් මා විසින් අහක්කළ සාවුල්ගෙන් මාගේ කරුණාව පහකළාක් මෙන් ඔහුගෙන් එය පහනොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 7:15
18 හුවමාරු යොමු  

මන්ද, කැරලිකාරකම අනවින කිරීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමාන ය. ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන් වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ”යි කීවේ ය.


මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි; ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය.


සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.


එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”


තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.


මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළො‍ත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.


සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.


මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”


මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි; පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.


නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”


“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.


ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.


එහෙත්, මම මාගේ ප්‍රේමය කවදාවත් දාවිත්ගෙන් ඉවත් නොකරන්නෙමි. ඔහු කෙරෙහි මාගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ නොකරන්නෙමි.


අහෝ සමිඳුනි! ඔබ කලින් පෑ තිර පෙම දැන් කොතැන්හි ද? දාවිත්ට දුන් විශ්වාසවන්ත පොරොන්දු දැන් කොහි ද?


සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.


ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපණත් නොපිළිපදින්නෝ නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්