Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 5:1 - Sinhala New Revised Version

1 එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එකල සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙතට ඇවිත්: අපි ඔබගේ ඇට හා මාංසයත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 5:1
13 හුවමාරු යොමු  

එවිට ලාබන් ඔහුට කතා කොට, “සැබැවින් ම ඔබ මාගේ ම මස් හා ලේ නෑයෙක් ය”යි කී ය. ජාකොබ් ද ඔහු සමඟ මාසයක් විසී ය.


‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න.


තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නො‍වේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නො‍කළො‍ත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.


මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, “ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය.


ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නො‍වෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.


ඔව්හු අසාහෙල් රැගෙන බෙත්ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි තැන්පත් කළෝ ය. ජෝවාබ් ද ඔහුගේ සෙනඟ ද මුළු රාත්‍රියේ ගමන් කර එළි වන විට හෙබ්‍රොන් නගරයට පැමිණියහ.


අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු.


දෙවි සමිඳාණන් වහන්සේ තෝරන තැනැත්තා ඔබේ රජු වශයෙන් පත් කිරීමට ඔබ තරයේ සිතට ගත යුතු ය. ඔබේ ජාතියෙන් කෙනෙකු රජු වශයෙන් පත්කළ යුතු ය. ඔබේ ජාතියට අයිති නැති විදේශිකයෙකු ඔබේ රජු වශයෙන් පත් නොකළ යුතු ය.


එහෙයින් පවුලේ සියලු දරුවන්ට එක ම මාංසයත් රුධිරයත් පොදුවේ ඇතිවා සේ ම උන් වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට,


ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ එග්ලොන් සිට හෙබ්‍රොන් නගරයට ගොස් ඊට විරුද්ධ ව යුද්ධ කොට,


“ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්