Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 3:28 - Sinhala New Revised Version

28 ඉන්පසු දාවිත් ඒ ගැන අසා, “මමත්, මාගේ රාජ්‍යයත් නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ වැගිරීම ගැන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දී සදහට ම නිදොස් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඉන්පසු දාවිත් ඒ ගැන අසා, “මමත්, මාගේ රාජ්‍යයත් නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ වැගිරීම ගැන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දී සදහට ම නිදොස් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ඉන්පසු දාවිත් ඒ අසා: මමත් මාගේ රාජ්‍යයත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ගේ ලේ ගැන සදාකාලේටම නිදොස්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:28
10 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.


මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.


දාවිත් කතා කරමින්, “මේ ලේ වැගිරීමේ වරදට වගකිව යුත්තේ ඔබ ම ය. මන්ද, ‘මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා මැරුවෙමි’යි කීමෙන් ඔබ ඔබේ ම කටින් ඔබට විරුද්ධ ව සාක්ෂි දුන්නෙහි ය”යි කීවේ ය.


සාවුල් වෙනුවට රජ වූ ඔබ පිට, සමිඳාණන් වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ වැගිරීමේ දුර්විපාකය පමුණුවා, ඔබේ පුත් අබ්සලොම්ට රජකම භාර දුන් සේක. ඔන්න, ඔබ විපත්තියට අසු වී සිටින්නෙහි ය. මන්ද, ඔබ මිනීමරුවෙක් ය”යි රජුට කී ය.


අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.


ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නො‍සිටින කාලයක් කිසි කලෙක නො‍වේ වා!”යි කීවේ ය.


“යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.


නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්‍ර කිරීමට අන් මගක් නැත.


මෙසේ කෝලාහලයක් හට ගනු මිස, තමාගේ ප්‍රයත්නයෙන් වැඩක් සිදු නොවන බව දුටු පිලාත්, වතුර ගෙන, ජනකාය ඉදිරියේ අත් සෝදමින්, “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වගබලා ගන්නැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්