Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 3:13 - Sinhala New Revised Version

13 දාවිත් පිළිතුරු දෙමින්, “යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නො‍කළො‍ත්, මාගේ මුහුණ නො‍දකින්නෙහි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 දාවිත් පිළිතුරු දෙමින්, “යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නො‍කළො‍ත්, මාගේ මුහුණ නො‍දකින්නෙහි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 දාවිත්ද කථාකොට: යහපත; මම නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් නුඹ විසින් එක දෙයක් කළ යුතුය, එනම් නුඹ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් නුඹ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:13
8 හුවමාරු යොමු  

එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණෙන විට, සාවුල්ගේ දුව වූ මීකල් කවුළුවෙන් බලා දාවිත් රජ ප්‍රීතියෙන් ප්‍රමුදිත ව නටනු දැක, ඈ සිතින් ඔහු හෙළා දැක්කා ය.


එවිට අපි, ‘අපට නම් යන්න බැරි ය; අපේ බාල ම සහෝදරයා අප සමඟ යතොත් නම් අපි යමු; මන්ද, අපේ බාල ම සහෝදරයා අප සමඟ නැත්නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතු ය’යි කීවෙමු.


ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය.


එකල අබ්නේර්, දාවිත් වෙත පණිවුඩකාරයන් යවා, “දේශය අයිති කවරෙකුට ද? මා සමඟ ඔබේ ගිවිසුම කරගන්න. එවිට සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත හරවා ගන්න පිණිස මාගේ සහාය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්