Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 24:12 - Sinhala New Revised Version

12 ‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න–මම කාරණා තුනක් නුඹ ඉදිරියෙහි තබමි; මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 24:12
13 හුවමාරු යොමු  

මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.


පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක.


එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.


සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපණත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය.


මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,


දාවිත් පසු දින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාද් වෙත සමිඳාණන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේ ය: “නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න:


ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, “ඔබ කැමැති කොයි එකට ද? ඔබේ දේශයට සත් අවුරුද්දක් සාගතය පැමිණීමට ද? නො‍හොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැඳ එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලා යෑමට ද, නො‍හොත් ඔබේ දේශයෙහි තුන් දවසකට වසංගතයක් ඇති වීමට ද? දැන් ඉතින් මා එවූ තැනැන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතු දැ යි කල්පනා කර බලන්නැ”යි කී ය.


ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.


නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්