Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 23:15 - Sinhala New Revised Version

15 දාවිත්, තද පිපාසාවක් ඇති ව, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර ටිකක් කවුරුත් ගෙනවුත් මට බොන්නට දෙන්නේ නම් යහපතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 දාවිත්, තද පිපාසාවක් ඇති ව, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර ටිකක් කවුරුත් ගෙනවුත් මට බොන්නට දෙන්නේ නම් යහපතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 දාවිත් තද ආශාවක් ඇත්තේ: අනේ බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර කවුරුවත් මට බොන්ට ගෙනත් දෙනවා නම් හොඳයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:15
12 හුවමාරු යොමු  

එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.


මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!


ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.


වියළි දේශයට මම වතුර දෙන්නෙමි; කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි. නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.


අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.


මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.


දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.


දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.


එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නො‍බී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට,


මෙසේ රාකෙල් මළ පසු, එප්‍රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්