Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 21:8 - Sinhala New Revised Version

8 එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්‍රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්‍රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුමුත් ඔහු අයාගේ දුවවූ රිශ්පා සාවුල් නිසා බිහිකළ අර්මොනිද මෙපිබොෂෙත්ද යන පුත්‍රයන් දෙදෙනද සාවුල්ගේ දුවවූ මීඛල් මෙහොලාතිය බර්සිල්ලයිගේ පුත්‍රවූ අද්‍රියෙල් නිසා බිහිකළ පුත්‍රයන් පස්දෙනාද ගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:8
4 හුවමාරු යොමු  

ආයාගේ දුව වන රිශ්පා නම් උපභාර්යාවක් සාවුල්ට සිටියා ය. “ඔබ මාගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කෙළේ මන්දැ”යි ඊෂ්-බොෂෙත් අබ්නේර්ගෙන් ඇසී ය.


එහෙත්, සාවුල්ගේ දුව වන මේරබ් දාවිත්ට පාවා දෙන්නට නිසි කාලය පැමිණි විට, ඈ මෙහොලාතියේ වැසියෙකු වන අද්‍රියෙල්ට භාර්යාව කොට දෙන ලද්දී ය.


සාවුල්ගේ පුත්‍රයෝ නම්: ජොනතන් ද ඉෂ්වී ද මල්කීෂුවා ද යන මොවුහු ය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නම් මේවා ය: වැඩිමහල් දුවගේ නම මේරබ් ය, බාල දුවගේ නම මීකල් ය.


නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්