Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 2:19 - Sinhala New Revised Version

19 අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නො‍හැරී අබ්නේර් පස්සේ ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නො‍හැරී අබ්නේර් පස්සේ ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 අසාහෙල් අබ්නේර් පස්සේ එළවාගන යනුයේ, දකුණටවත් වමටවත් නොහැරී අබ්නේර් පස්සේම ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:19
9 හුවමාරු යොමු  

හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.


ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.


අබ්නේර්, “ඔබ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයන්ගෙන් එක් කෙනෙකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැරගන්නැ”යි ඔහුට කී ය. එහෙත්, අසාහෙල් ඔහු වෙතින් අහක් ව යන්නට කැමැති නො‍ වී ය.


එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.


මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.


ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.


එවිට අබ්නේර් පස්සට හැරී, “ඔබ අසාහෙල් දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු කී ය.


අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.


අබ්නේර් ගිබියොන්හි සටනේ දී, ජෝවාබ්ගේ සහ අබිෂයිගේ සහෝදර අසාහෙල් මැරූ නිසා, මෙසේ ඔව්හු අබ්නේර් මරාදැමූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්