Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 19:29 - Sinhala New Revised Version

29 රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 රජද: නුඹේ කාරණා ගැන තවත් කථාකරන්නේ මන්ද? නුඹත් ශීබාත් බිම බෙදාගන්න ලෙස මම කියමියි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:29
11 හුවමාරු යොමු  

මන්ද, මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමීන් වන රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූ හ. එසේ වී නමුත්, ඔබේ ම කෑම මේසයෙන් එකට කෑම කන අය අතරෙහි ඔබ, ඔබේ මෙහෙකරුවා වන මට තැනක් දුන්නේ ය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්නට මට අයිතියක් ඇද්දැ”යි කී ය.


මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.


සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, “ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය.


දාවිත් කතා කොට, “බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය.


එවිට රජු සාවුල්ගේ වැඩකාරයා වන ශීබාට හඬගසා, “සාවුල්ටත්, ඔහුගේ මුළු වංශයටත් අයිති ව තිබුණු සියල්ල ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට දෙන්නෙමි.


සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.


ඔබ කොපමණ කලක් අයුතු ලෙස විනිශ්චය කරන්නහු ද? දුදනන්ගේ පැත්ත ගෙන ක්‍රියා කරන්නහු ද?


පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.


එහෙත් මේ වනාහි ඇතැම් වචන ගැන ද ඇතැම් නාම ගැන ද ඔබගේ ම ව්‍යවස්ථාවලිය ගැන ද වූ ප්‍රශ්න වන බැවින් ඒ ගැන ඔබ ම වගබලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමි”යි කියා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්