Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:26 - Sinhala New Revised Version

26 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ වැඩකාරයා මා රැවටුවේ ය. මන්ද, ඔබ මෙහෙකරුවා කොර බැවින්, ‘කොටළුවෙකු සූදානම් කරගෙන ඌ පිට නැඟී, රජ්ජුරුවන් සමඟ යමි’යි ඔබේ මෙහෙකරුවා වන මම කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ වැඩකාරයා මා රැවටුවේ ය. මන්ද, ඔබ මෙහෙකරුවා කොර බැවින්, ‘කොටළුවෙකු සූදානම් කරගෙන ඌ පිට නැඟී, රජ්ජුරුවන් සමඟ යමි’යි ඔබේ මෙහෙකරුවා වන මම කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ඔහු උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මාගේ වැඩකාරයා මා රැවටුවේය. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා කොර බැවින්–කොටළුවෙකු සූදානම්කරගන ඌ පිට නැගී රජ්ජුරුවන් සමඟ යමියි ඔබගේ මෙහෙකරුවා කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:26
4 හුවමාරු යොමු  

රජ ද, “සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරි ව ඇද් ද? ඉතිරි ව ඇත්නම්, මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “ජොනතන්ගේ පුත්‍රයෙක් තව ම සිටියි; ඔහු කොර වූ කෙනෙකැ”යි රජුට කී ය.


සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්‍රයෙක් සිටියේ ය. ජෙශ්‍රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය.


ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළො‍ස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්