Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:17 - Sinhala New Revised Version

17 ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළො‍ස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළො‍ස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:17
8 හුවමාරු යොමු  

සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, “ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය.


එබැවින් ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට කෑම කන්නට ලැබෙන පිණිස ඔබ සහ ඔබේ පුත්‍රයෝ ද ඔබේ වැඩකාරයෝ ද ඔහු උදෙසා බිම් වගා කොට එහි අස්වැන්න රැස් කරගන්න. එහෙත්, ඔබේ ස්වාමියාගේ පුත් මෙපිබොෂෙත් මාගේ මේසයේ කෑම කනු ඇතැ”යි කීවේ ය. ශීබාට පුත්‍රයෝ පසළො‍ස්දෙනෙක් හා වැඩකාරයෝ විසිදෙනෙක් සිටියහ.


රජු ද ඔහුගේ ගෙයිවැසි සියල්ලන් ද මෙගොඩට ගෙනෙන පිණිසත්, රජුගේ කැමැත්තක් කරන පිණිසත්, පාරුවක් ගඟින් එගොඩට ගියේ ය. ගේරාගේ පුත් ෂිමෙයි ජොර්දාන් ගඟෙන් එගොඩ වූ කල,


ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.


දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්,


“තවද, බහුරීම් නම් නගරයේ බෙන්‍ජමින්ගේ ගෝත්‍රයේ ගේරාගේ පුත් ෂිමෙයි ඔබ ළඟ සිටියි. මා මහනයිම් නම් ස්ථානයට ගිය දවසේ දී ඔහු මට ඉතා තදින් සාප කෙළේ ය. එහෙත්, ඔහු ජොර්දාන් ගඟ අසල මා හමු වූ විට, මම ද, ‘ඔබ කඩුවෙන් නොමරන්නෙමි’යි සමිඳාණන් වහන්සේගේ නමින් දිවුළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්