Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 16:5 - Sinhala New Revised Version

5 දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 දාවිත් රජ බහුරීම්ට ආ කල, සාවුල්ගේ වංශ-පෙළපතට අයිතිවූ, ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් එතැනින් පිටත්වී දෙස් කිය කියා යමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 16:5
22 හුවමාරු යොමු  

ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.


පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය.


“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.


එසේ වුව ද, තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්වී ය. එවිට ඔවුන් දෙදෙන වහා ගොස්, බහුරීම්හි වසන මිනිසෙකුගේ ගෙදරට පැමිණියෝ ය. ඔහුගේ ගෙමිදුලේ ළිඳක් තිබුණේ ය. ඔව්හු එයට බැස්සෝ ය.


සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්,


ඔබේ සිතෙන් වත් රජුට දෙස් නොකියන්න; ඔබේ යහන් ගබඩාවේ දී වත් වස්තුකාරයන්ට දොස් නොකියන්න. අහසේ පියාඹන සක්වාලිහිණියෙකු ඒ දන්වනු ඇත.


ඔබමොබ පියාඹන ගේ කුරුල්ලා මෙන් ද ඉගිළී යන වැහිලිහිණියා මෙන් ද හේතුවක් නැති ව කරන සාපය නොරැඳී පලා යයි.


ඔවුන් මට සාප කරතත් ඔබ මට ආශීර්වාද කළ මැනව. මට පීඩා කරන්නෝ ලජ්ජාවට පත් වෙත් වා! ඔබේ මෙහෙකරුවා වන මම ප්‍රීතියට පත් වෙම් වා!


මන්ද, ඔබ පහර දුන් තැනැත්තාට ඔව්හු පීඩා කළෝ ය. ඔබ තුවාළ කළ තැනැත්තාගේ වේදනාව ඔව්හු තව තවත් වැඩි කළෝ ය.


රජ ද තමා ළඟ සිටි සියලු සෙනඟ ද වෙහෙස ව ජොර්දාන් ගඟ ළඟට අවුත් එහි විඩා සංසිඳුවා ගත්තෝ ය.


එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.


දාවිත්ටත්, දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල් ගැසී ය. සියලු සෙනඟ ද සියලු බලවන්තයෝ ද දාවිත්ගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද සිටියෝ ය.


දවස මුළුල්ලේ මාගේ සතුරෝ මට නින්දා කරති; මට අපහාස කරන්නෝ සාප කිරීමට මාගේ නාමය යොදා ගනිති.


මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි.


අර්බාතිය අබි-යල්බොන් ය; බර්හුමිය අශ්මාවෙත් ය;


බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත් ජායීර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් ජුදෙව්වෙක් සූසා නම් අගනුවර සිටියේ ය.


දෙවිඳුන් මා දුබලයෙකු, අසරණයෙකු කළ බැවින් ඔව්හු මා අබිමුව කිසි බියක් නැති ව හැසිරෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්