Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 12:4 - Sinhala New Revised Version

4 “දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළකරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකැමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:4
6 හුවමාරු යොමු  

එහෙත්, තමා මිලට ගෙන ඇති කළ එක කුඩා බැටළු පැටියෙකු හැර වෙන කිසිවක් දිළින්දාට නො‍ වී ය. ඒ බැටළු වැස්සිය ඔහු සමඟ ද ඔහුගේ දරුවන් සමඟ ද වැඩෙමින්, ඔහුගේ කෑමවලින් කමින් ද ඔහුගේ කුසලානෙන් බොමින් ද ඇති දැඩි වූවා ය. ඔහු ඒ බැටළු වැස්සී සිය ළයෙහි හොවාගත්තේ ය. ඒ වැස්සී ඔහුට දුවක මෙන් වූවා ය.


ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, “මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.


ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය.


ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්