Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 12:30 - Sinhala New Revised Version

30 ඔහු මිල්කොම් රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේ ය. එහි බර, රන් කිලෝග්‍රෑම් තිස්පහක් විය. එහි අනර්ඝ මැණික් ගලක් අල්ලා තිබිණි. එය දාවිත්ගේ හිසේ තබන ලද්දේ ය. ඔහු ඒ නුවරින් කොල්ලකෑ බොහෝ දේ ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ඔහු මිල්කොම් රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේ ය. එහි බර, රන් කිලෝග්‍රෑම් තිස්පහක් විය. එහි අනර්ඝ මැණික් ගලක් අල්ලා තිබිණි. එය දාවිත්ගේ හිසේ තබන ලද්දේ ය. ඔහු ඒ නුවරින් කොල්ලකෑ බොහෝ දේ ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ඔහු ඔවුන්ගේ රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේය; ඒකේ බර රන් තලෙන්තයක්ය, එහි අනර්ඝ මැණික් ගල් අල්ලා තිබුණේය; ඒක දාවිත්ගේ හිසේ තබන ලද්දේය. ඔහු නුවරින් කොල්ලය බොහෝ සෙයින්ම ගෙනායේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:30
4 හුවමාරු යොමු  

දාවිත් වනාහි, මුළු සෙනඟ රැස් කරගෙන, රබ්බා නගරයට ගොස්, ඊට විරුද්ධ ව සටන් කොට එය අල්ලාගත්තේ ය.


දාවිත් ඔවුන්ගේ රජුගේ රන් ඔටුන්න මිල්කොම් රජුගේ හිසින් පැහැර ගෙන එය කිලෝග්‍රෑම් තිස්හතරක් බර ඇති බව දැනගත්තේ ය. එහි අනර්ඝ මැණික් ද තිබුණේ ය. එය දාවිත්ගේ හිස පිට තබන ලද්දේ ය. ඔහු ද කොල්ලකාගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේ ය.


ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.


ඔවුන්ගෙන් නුඹ ලබාගත් රන් රිදීවලින් ඔටුන්නක් සාදා, ජෙහෝශාදාක්ගේ පුත්, උත්තම පූජකයා වන ජෝෂුවාගේ හිසේ පළඳවා


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්