Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 12:19 - Sinhala New Revised Version

19 එහෙත්, දාවිත් තමාගේ මෙහෙකරුවන් රහසින් කතා කරනු දැක, දරුවා මළ බව තේරුම්ගෙන, “ළදරුවා මැරුණේ දැ”යි මෙහෙකරුවන්ගෙන් ඇසී ය. ඔව්හු ද, “ළදරුවා මැරුණේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, දාවිත් තමාගේ මෙහෙකරුවන් රහසින් කතා කරනු දැක, දරුවා මළ බව තේරුම්ගෙන, “ළදරුවා මැරුණේ දැ”යි මෙහෙකරුවන්ගෙන් ඇසී ය. ඔව්හු ද, “ළදරුවා මැරුණේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුමුත් දාවිත් තමාගේ මෙහෙකරුවන් කොඳුරනවා දැක ළදරුවා මැරුණු බව ඔහුට දැනී: ළදරුවා මැරුණාදැයි මෙහෙකරුවන්ගෙන් ඇසීය. මැරුණායයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:19
4 හුවමාරු යොමු  

සත් වන දා දරුවා මැරුණේ ය. දාවිත්ගේ සේවකයෝ දරුවා මැරුණු බව ඔහුට දන්වන්න බිය වූ හ. මන්ද, “දරුවා ජීවත් ව සිටිය දී අප ඔහුට කතා කළ විට ඔහු අපේ හඬට සවන් දුන්නේ නැත. ඉතින් දරුවා මැරුණ බව ඔහුට කීවොත් සමහර විට ඔහු තමාට යම් අනතුරක් කරගන්නට බැරි නැතැ”යි ඔව්හු සිතූ හ.


එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය.


අම්නො‍න්ගේ මරණයෙන් පසු දාවිත් සැනසීමට පත් ව සිටි බැවින්, අබ්සලොම් කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.


සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්