Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 11:21 - Sinhala New Revised Version

21 ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? නුඹලා එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි නුඹට කීවොත්–ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:21
11 හුවමාරු යොමු  

ජෙරුබ්බාල් නම් ගිඩියොන් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද අලුයම් වේලෙහි නැඟිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන්ට උතුරෙන් මිදියන්වරුන්ගේ කඳවුරු මොරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේ ය.


ඔබේ පාදවල විලංගු නො‍දමන ලද්දේ ය. දුෂ්ටයන් අතින් මිනිසෙකු මැරුම් කන සේ ඔබ මැරුම් කෑවෙහි ය.” මුළු සෙනඟ යළිත් ඔහු ගැන හඬා වැලපුණෝ ය.


අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.


“බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.


ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය; අප හා සමාන ය’යි කියති.


මාගේ සියලු පවින් මා මිදුව මැනව. අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.


නගර වැසියෝ පිටතට අවුත් ජෝවාබ් සමඟ යුද්ධ කළහ. එවිට සෙනඟගෙන් එනම්, දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මැරී වැටුණ හ. හිත්තීය උරියා ද මැරුම් කෑවේ ය.


රජු කෝප වී, ‘ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ළං වූයේ මන් ද? ඔවුන් පවුරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැද් ද?


මෙසේ පණිවුඩකාරයා ගොස්, ජෝවාබ් තමා අත කියා යැවූ සියල්ල දාවිත්ට දැන්වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්