Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 1:26 - Sinhala New Revised Version

26 මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි. ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය; වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි. ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය; වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. නුඹ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 1:26
7 හුවමාරු යොමු  

මෙසේ කී පසු දාවිත් තමාට ප්‍රේම කරන බවට ජොනතන් යළිත් ඔහුගෙන් දිවුරුම් ගත්තේ ය. එසේ කෙළේ, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ නිසා ය.


එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය.


ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය.


ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න.


අහෝ, බලවතුන් වැටුණු හැටි! යුද්ධ ආයුධත් විනාශ වුණ හැටි!


සමහර මිතුරෝ කලකට පමණ ය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්