Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 7:7 - Sinhala New Revised Version

7 නැඟිට රෑ කාලයේ පලා ගියහ. ඔව්හු තමන්ගේ කූඩාරම් ද අශ්වයන් ද කොටළුවන් ද ඇතුළු ව කඳවුර තිබුණු හැටියට ම අත්හැර තමන්ගේ ප්‍රාණය ගළවා ගන්නට පලා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 නැඟිට රෑ කාලයේ පලා ගියහ. ඔව්හු තමන්ගේ කූඩාරම් ද අශ්වයන් ද කොටළුවන් ද ඇතුළු ව කඳවුර තිබුණු හැටියට ම අත්හැර තමන්ගේ ප්‍රාණය ගළවා ගන්නට පලා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නැගිට රැයින් පලාගියෝය. ඔව්හු තමුන්ගේ කූඩාරම්ද අශ්වයන්ද කොටළුවන්ද ඇතුළුව කඳවුර තිබුණු හැටියටම අත්හැර තමුන්ගේ ප්‍රාණය ගළවාගන්ට පලාගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 7:7
18 හුවමාරු යොමු  

කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි; එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.


මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.


ඒ දවස පැමිණි විට, රන් රිදීවලින් සාදාගත් පිළිම ඔව්හු මීයන්ට හා වවුලන්ට අත්හැරදමති.


රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.


දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.


රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය;


ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත; උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි.


භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.


ඔව්හු සියල්ලෝ ම කඳවුර වටේ එකිනෙකා තම තමන්ගේ ස්ථානයේ සිටියෝ ය. මුළු සේනාව ද කෑගසමින් පලා ගියෝ ය.


අශ්ව රථයක් රිදී කාසි හයසියයකටත්, අශ්වයෙකු එකසිය පණහකටත් මිසර දේශයෙන් ගෙනවුත් විකුණන්නට යෙදිණි. රජුගේ වෙළෙන්දෝ හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් එලෙස ම ගෙනවුත් දුන්නෝ ය.


කඳවුරේ ද එළිමහනේ ද සිටි සෙනඟ අතරේ මහත් තැතිගැනීමක් ඇති විය. මුර හමුදාවත්, ආක්‍රමණකාරයෝත් වෙවුලුවෝ ය. පොළොව කම්පා විය. මෙසේ ඉතා මහත් සන්ත්‍රාසයක් ඇති විය.


එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්‍-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්