Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 7:17 - Sinhala New Revised Version

17 තමාගේ අත පිට රජු හේත්තු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත් කරන ලද්දේ ය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මැරුණේ ය. මෙසේ රජු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 තමාගේ අත පිට රජු හේත්තු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත් කරන ලද්දේ ය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මැරුණේ ය. මෙසේ රජු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 තමාගේ අත පිට රජු හේත්තුවී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත්කරනලද්දේය. ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 7:17
8 හුවමාරු යොමු  

එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.


එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.


එසේ නම් දේව පුත්‍රයාණන් පයින් පාගාදමන, තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ, අශුද්ධ දෙයක් කොට සිතන, වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමු ද?


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි.


සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය.


“ඈ පහළට හෙළන්නැ”යි ඔහු කී ය. ඔව්හු ඈ පහළට හෙළුවෝ ය. ඇගේ ලේවලින් මඳක් බිත්තියේත්, අශ්වයන් පිටත් ඉසිණි.


ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය.


මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්