Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 6:31 - Sinhala New Revised Version

31 එවිට ඔහු, “ශාපාත්ගේ පුත් එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මට ඉතා තදින් දඬුවම් කරන සේක් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට ඔහු, “ශාපාත්ගේ පුත් එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මට ඉතා තදින් දඬුවම් කරන සේක් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 6:31
18 හුවමාරු යොමු  

එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය.


ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”


“ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය.


එවිට අධිපතීහු කතා කොට, “මේ මනුෂ්‍යයා මරනු ලැබේ වා! මන්ද, මෙසේ මෙබඳු වචන කීමෙන්, මොහු නගරයේ ඉතුරු ව සිටින යුද්ධ භටයන් ද සියලු සෙනඟ ද අධෛර්ය කරන්නේ ය. මේ මිනිසා සෙනඟගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැ”යි කී හ.


ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


තවද, ආහබ් රජ එලියා දුටු විට, ඔහුට කතා කොට, “ඉශ්රායෙල් ජනයා කළඹන තැනැත්තේ ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය.


එවිට සලමොන් රජ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “අදොනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණ පත් නොවන්නේ නම්, දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක් වා!


තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නො‍වේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නො‍කළො‍ත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.


එය දවල් කාලය වූ බැවින් දාවිත්ට කෑම කන්නට පෙරැත්ත කරන පිණිස මුළු සෙනඟ ආහ. එහෙත් දාවිත්, “මා රොටි වත්, වෙන කිසි දෙයක් වත් ඉර බැස යන තෙක් කටට ගත්තොත්, දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”යි කියමින් දිවුළේ ය.


සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නො‍කෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!


මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”


සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය.


එවිට ඒලී, “සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය.


බෙන්‍-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.


එකල දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාර ගෙහාසී කල්පනා කොට, “බලන්න, මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේ ය. ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගෙන් යමක් ලබාගනිමි”යි දිවිරී ය.


රජුගේ උදහස මාර දූතයෙකු වැන්න, නැණවතා ඒ උදහස සංසිඳුවයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්