Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 5:20 - Sinhala New Revised Version

20 එකල දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාර ගෙහාසී කල්පනා කොට, “බලන්න, මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේ ය. ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගෙන් යමක් ලබාගනිමි”යි දිවිරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එකල දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාර ගෙහාසී කල්පනා කොට, “බලන්න, මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේ ය. ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගෙන් යමක් ලබාගනිමි”යි දිවිරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 5:20
33 හුවමාරු යොමු  

තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය.


එවිට ඔහු, “ශාපාත්ගේ පුත් එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මට ඉතා තදින් දඬුවම් කරන සේක් වා”යි කී ය.


ඔහු ගෙහාසී කැඳවා, “ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, “ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය.


ගෙහාසී ඔවුන්ට පෙරටුවෙන් ගොස් සැරයටිය ළමයා පිට තැබී ය. එහෙත්, කිසි හඬක් වත්, පිළිතුරක් වත් නො වී ය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමඟට හැරී අවුත්, “ළමයා පිබිදුණේ නැතැ”යි ඔහුට දැන්නුවේ ය.


සභා නායක තෙමේ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙකු වශයෙන් නිදොස් වූ, හිතුවක්කාර නො වූ, නොකිපෙන සුලු, මත්පැනට ලොල් නො වූ, කලහකාරී නො වූ, අයුතු ලාභයට ගිජු නො වූ,


මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය.


“නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”


ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව, සේවයට ළැදියාවෙන් එසේ කරන්න.


ඇය දැනුවත් ව මුදලෙන් කොටසක් තබාගෙන, ඉතිරි කොටස ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය.


රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි.


ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ දොළොස් දෙනා තෝරාගත්තේ මම නොවෙම් ද? ඒ නමුත් ඔබෙන් එක් කෙනෙක් යක්ෂයෙක් ය”යි වදාළ සේක.


ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.


“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක;


අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.


තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත!


එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”


නුවණැති ව පිළිතුරු දෙන සත්දෙනෙකුට වඩා ‘තමා නැණවතෙකැ’යි අලසයා සිතයි.


දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.


වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.


“නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.”


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


ඔහු ද කතා කරමින්, “මා සේවය කරන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි”යි දිවුරමින් කීවේ ය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේ ය. එහෙත්, ඔහු අකමැති විය.


මෙසේ ගෙහාසී නාමන් පසුපස ගියේ ය. නාමන් තමා පසුපස කෙනෙකු දුවගෙන එනු දැක ඔහු සම්බවන්න රථයෙන් බැස, “යම් කරදරයක් ඇත්දැ”යි ඇසී ය.


එකල්හි රජ, “එලිෂා කළ සියලු පුදුම දේවල් මට කියන්නැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කතා කරමින් සිටියේ ය.


එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී.


එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස් වී, “ඔබ ඒවා පස් වරක් හෝ හය වරක් හෝ ගසන්නට යුතු ව තිබිණි. එසේ කෙළේ වී නම්, ඔබ සිරියන්වරුන් විනාශ වන තුරු ඔවුන්ට පහර දෙනු ඇත. එහෙත්, දැන් ඔබ තුන් වරක් පමණක් සිරියන්වරුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.


මෙසේ ඈ ගොස් කර්මෙල්‍ කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියා ය. තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඈ දුර දී දැක තමාගේ මෙහෙකරු වන ගෙහාසීට කතා කොට, “අන්න, අර ෂුනම්මිය ස්ත්‍රිය එන්නී ය.


ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ.


මේ විලේපනය විශාල මුදලකට විකුණා දිළිඳුන්ට දිය හැකි ව තිබුණා නොවේ දැ”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්