Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:37 - Sinhala New Revised Version

37 ඈ ද ඇතුළු වී ඔහුගේ පාමුල වැටී, බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා රැගෙන ගියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 ඈ ද ඇතුළු වී ඔහුගේ පාමුල වැටී, බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා රැගෙන ගියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 ඈද ඇතුල්වී ඔහුගේ පාමුල වැටී බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා අරගන ගියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:37
6 හුවමාරු යොමු  

ස්ත්‍රීහු සිය මළවුන් පුනරුත්ථානයෙන් නැවත ලැබූ හ. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණිස, බේරීමක් නොසොයා මාරක වද වේදනා වින්දහ.


ඈ වනාහි කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්ලාගත්තා ය. එවිට ගෙහාසී ඈ අහක් කරනු පිණිස ළං විය. එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “ඈට කරදර නොකරන්න; ඇගේ සිත ශෝකී ව ඇත. සමිඳාණන් වහන්සේ එය මට නොදන්වා මාගෙන් සැඟ වූ සේකැ”යි කී ය.


ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, “එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ‍ ය.


ස්ත්‍රිය ද කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු බව ද, ඔබේ මුඛයෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සැබෑ බව ද දනිමි”යි එලියාට කීවා ය.


ඔහු ගෙහාසී කැඳවා, “ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, “ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය.


පසුව ජෝසෙප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන, මුණින්තලා වී වැන්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්