Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 21:13 - Sinhala New Revised Version

13 තවද, සමාරිය මැන්න ලණුව ද ආහාබ්ගේ වංශයේ ලඹකැටය ද ජෙරුසලම් නුවර පිට අල්ලා, මනුෂ්‍යයෙකු තැටියක් පිසදමා, පිසදැමූ පසු එය මුණින් පෙරළා තබන පරිදි ජෙරුසලම පිසදමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 තවද, සමාරිය මැන්න ලණුව ද ආහාබ්ගේ වංශයේ ලඹකැටය ද ජෙරුසලම් නුවර පිට අල්ලා, මනුෂ්‍යයෙකු තැටියක් පිසදමා, පිසදැමූ පසු එය මුණින් පෙරළා තබන පරිදි ජෙරුසලම පිසදමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 තවද සමාරිය මැන්න ලනුවද ආහබ්ගේ වංශයේ ලඹයද යෙරුසලම කෙරෙහි අල්ලා, මනුෂ්‍යයෙක් තැටියක් පිසදමා, පිසදැමුවාම මුණින් පෙරළා තබන්නාක් මෙන් යෙරුසලම පිසදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 21:13
19 හුවමාරු යොමු  

සමිඳාණෝ සියොන් පුරඟනගේ පවුර නාස්ති කරන්න අදහස් කළ සේක. ලණුවක් ඇද එය මැන්න සේක. එය සහමුලින් ම කඩාදමන තුරු සිය’ත ඉවත් නොකළ සේක. එතුමාණෝ එහි කොටු තාප්පය සහ පවුර පිට වැලපීම ඇති කළ සේක. ඒවා එකට ගරා වැටී ඇත.


උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය. බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය. සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ. ලඹ ලණුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”


දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.


මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.


අනුකම්පාව දක්වන පිණිස මම ජෙරුසලමට නැවත පැමිණ සිටිමි; මාගේ මාලිගාව නැවත ගොඩනඟනු ලැබේ. ඒ නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.


මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.


එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි.


මම මාගේ උරුමයෙන් ඉතිරි කුඩා පිරිස අත්හැරදමා ඔවුන් තමන්ගේ සියලු සතුරන්ට ගොදුරක් ද කොල්ලයක් ද වන පිණිස ඔවුන්ගේ සතුරන් අතට පාවා දෙන්නෙමි.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මා ඉශ්රායෙල් පහකරදැමූ ලෙස ජුදාත් මාගේ ඇස් හමුයෙන් පහ කරදමා, මා තෝරාගත් මේ නුවර වන ජෙරුසලම ද මාගේ නාමය එහි පවතින්නේ යයි මා කී මාලිගාව ද අත්හැරදමන්නෙමි”යි වදාළ සේක.


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, විපත පිට විපත නුඹලා පිට පැමිණෙයි.


ආහබ්ගේ මුළු වංශය විනාශ වන්නේ ය. ඉශ්රායෙල්වරුන් අතරේ දාසයන් ද නිර්දාසයන් ද වන ආහබ්ගේ සියලු පිරිමින් මරාදමා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්