Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 2:8 - Sinhala New Revised Version

8 එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 2:8
12 හුවමාරු යොමු  

මෙසේ එලියා එතැනින් ගිය විට ෂාපාත්ගේ පුත් එලිෂා ඔහුට සම්බ විය. එලිෂා ගවයන් දොළොස් බානක් පිටුපස හාමින් සිටියේ ය. දොළොස් වන බාන සමඟ එලිෂා සිටිනු ඔහු දිටී ය. එලියා ඔහු ළඟට ගොස් සිය සළුව ඔහු පිට හෙළී ය.


ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, “එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය.


ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය.


සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක. එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක. එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.


එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, “එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය.


සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.


ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.


එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.


“ඔහුගේ හැටි කොහොම දැ”යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ඈ පිළිතුරු දෙමින්, “මහලු මිනිසෙක් නැඟී එන්නේ ය; ඔහු සළුවක් පොරවාගෙන සිටින්නේ ය”යි කීවා ය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුණින්තළා වී වැන්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්