Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 19:6 - Sinhala New Revised Version

6 යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 යෙසායා ඔවුන්ට කථාකොට: නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 19:6
24 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ජෙරුසලම මාගේ අතින් ගළවාගන්න සේක කියා සිතන්නට පුළුවන් වන ලෙස, දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමන්ගේ දේශ මාගේ අතින් ගළවා ගත්තේ කොයි දෙවිවරු දැ’යි අසන්නේ ය.”


එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.


ඔහු කතා කොට, “සියලු ජුදාවරුනි, ජෙරුසලම් වැසියෙනි, ජෙහෝෂාපාට් රජතුමෙනි, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ හැමට මෙසේ කියන සේක: ‘මේ විශාල සමූහය නිසා බිය නොවන්න; නොකැළඹෙන්න, මන්ද, මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන් වහන්සේගේ වන බැවිනි.


එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය.


දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපණත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න.


ඔබේ එදිරිකාරයන්ගේ හඬ ද නොකඩවා නඟින ඔබේ සතුරන්ගේ කොලහල ගොස ද අමතක නොකළ මැනව.


සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව. ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.


ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.


සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න.


ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක.


“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.


නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනකු ද සියදනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.


මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.


මෙසේ කියා හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමිණිය හ.


නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද? නුඹ මොරගැසුවේත්, නුඹ රවා බැලුවේත් කවරෙකුට විරුද්ධ ව ද? ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව ය.


“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේට ඔබේ කන්නලව්ව ඔප්පු කරන පිණිස ඔබ මා යැවුවහු ය. උන් වහන්සේ මෙසේ වදාරන සේක:


සියොන්හි ජීවත් වන තමන් සෙනඟට සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසර වැසියන් නුඹලාට පීඩා කළාක් මෙන් අසිරියන්වරුන් පොලු මුගුරුවලින් තැළුවත් ඔවුන්ට භය නොවන්න.


මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්