Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 18:7 - Sinhala New Revised Version

7 සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 18:7
23 හුවමාරු යොමු  

ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය.


ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.


සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.


එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, “මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය.


අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය.


එවිට ජුදාහි රජු වන හෙසකියා, “මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගිය මැනව. ඔබ මට පවරන හැම දෙයක් ම භාර ගනිමි”යි ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා යැවී ය. අසිරියාවේ රජ ද රිදී කිලෝග්‍රෑම් දසදහසක් ද රන් කිලෝග්‍රෑම් දහසක් ද දෙන්නට ජුදාහි රජ වූ හෙසකියාට නියම කෙළේ ය.


යුද බලය හා ශූරතාව වෙනුවට හිස් දඬුවම් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? එහෙත්, ඒවා හිස් වචන වේ. ඉතින් ඔබ මට විරුද්ධ ව කැරලි ගැසුවේ කවරෙකු කෙරෙහි විශ්වාස කරගෙන ද?


ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.


ඔහු තමාගේ දෙවියන් වහන්සේ සොයමින් උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය ද ව්‍යවස්ථාව ද ආඥාව ද සම්බන්ධ ව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ට කොට සමෘද්ධිමත් විය.


මේ හෙසකියා රජ ගීහොන්හි වතුර ගලා එන ඉහළ උල්පත නවත්වා එය දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැස එන්න සැලැස්සුවේ ය. හෙසකියා තමාගේ සියලු වැඩවල දී සමෘද්ධිමත් විය.


ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.


සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.


දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.


එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.


යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද?


“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?


සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය.


සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය.


සාවුල් විසින් දාවිත් යවනු ලැබූ හැම කාර්යයක දී ම ඔහු ජයගත්තේ ය. සාවුල් ඔහු හේවායන් කෙරෙහි ප්‍රධානියා කෙළේ ය. මුළු සෙනඟ ද සාවුල්ගේ සේවකයෝ ද ඊට ප්‍රසන්න වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්