Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 17:37 - Sinhala New Revised Version

37 අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පණත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පනත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, උන්වහන්සේ ලියාදුන් නියෝගද පනත්ද ව්‍යවස්ථාද ආඥාද සෑම කල්හිම පවත්වන්ට බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 17:37
16 හුවමාරු යොමු  

මා නුඹලා සමඟ කළ ගිවිසුම මතක නැති නොකරන්න. වෙන දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා,


ඔබේ ආඥා ද ශික්ෂා ද පණත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”


එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”


“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.


කූඩාරම් මංගල්‍යයේ දී දෙවි සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට, උන් වහන්සේ අබිමුවට මුළු ඉශ්රායෙල් ජනතාව ආ විට, ඔවුන් සියල්ලන්ට ඇසෙන පරිදි ඔබ මේ නීතිය කියවිය යුතු ය.


මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය.


“කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය. ඒවාට අමතර ව කිසිවක් එකතු නොකොට, ගල් පුවරු දෙකක උන් වහන්සේ ඒවා ලියා මට භාර දුන් සේක.”


එහෙත්, නුඹ මෙහි මා ළඟ සිටින්න. මා ඔවුන්ට අයිති කොට දෙන්නට යන දේශයෙහි ඔවුන් පිළිපදින පිණිස ඔවුන්ට ඔබ උගැන්විය යුතු සියලු අණපණත් ද, නීති හා නියෝගයන් ද මම ඔබට දන්වන්නෙමි.’


“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.


ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”


මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ය කියා ද, නුඹලා වාසය කළ දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට ගරුබිය නොදක්වන්න කියා ද මම නුඹලාට කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නොදෙන්නහු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්