Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 17:33 - Sinhala New Revised Version

33 ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව තමන් අත්හැර පැමිණි ඒ විජාතීන්ගේ වත්පිළිවෙත් අනුව තමන්ගේ දෙවිවරුන්ට සේවය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව තමන් අත්හැර පැමිණි ඒ විජාතීන්ගේ වත්පිළිවෙත් අනුව තමන්ගේ දෙවිවරුන්ට සේවය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතිව, තමුන් අත්ඇර ආවාවූ ඒ ජාතීන්ගේ විධියේ හැටියට තමුන්ගේ දෙවිවරුන්ට සේවයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 17:33
8 හුවමාරු යොමු  

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”


“ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”


මෙසේ මේ විජාතීහු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් තමන්ගේ රූපවලට සේවය කළහ. එලෙසම ඔවුන්ගේ දරුවෝ ද දරුවන්ගේ දරුවෝ ද තමන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කරති.


ග්‍රහබලධාරීන්ට නමදින පිණිස වහලට නඟින සෑම දෙනෙකු ද මට දිවුරුම් දී මා නමදින නමුත්, මල්කොම් දෙවියාගේ නාමයෙන් දිවුරන සියලු දෙනා ද මම විනාශ කරන්නෙමි.


එවිට එලියා මුළු සෙනඟ ළඟට අවුත් කතා කොට, “තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහු ද? සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ නම්, උන් වහන්සේ අනුව යන්න. බාල් දේවතාවා දෙවියන් වහන්සේ නම්, ඔහු අනුව යන්නැ”යි කීවේ ය. එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.


ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.


ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් ගිරිකුළු දේවාලවල ඔවුන් උදෙසා පූජා කරන පිණිස තමන් අතරෙන් ගිරිකුළු දේවාලවල පූජකයන් පත් කරගත්හ.


අද දක්වා ඔව්හු පැරණි විධිවිධාන ලෙස කරති. ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියහ, උන් වහන්සේගේ නියෝග ද පණත් ද ලෙස නොකළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් යන නම තැබූ ජාකොබ්ගේ දරු පරපුරට අණ කළ උන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ද ආඥාවේ ද හැටියට නොකළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්