Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 17:21 - Sinhala New Revised Version

21 එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මක්නිසාද උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන්කළසේක; ඔව්හුද නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් රජකොට පත්කරගත්තෝය. යෙරොබොවම් ස්වාමීන්වහන්සේ වෙතින් ඉශ්‍රායෙල්වරුන් අහක්කොට, ඔවුන් විසින් මහත් පාපයක් කරන්ට සැලැස්සුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 17:21
19 හුවමාරු යොමු  

එබැවින් සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ මාගේ ගිවිසුම ද මා නුඹට අණ කළ මාගේ ආඥා ද නොපවත්වා මෙසේ කළ බැවින් සැබැවින් ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.


ජෙරොබෝවම්ට කතා කොට මෙසේ කී ය: “ඔබ කෑලි දහයක් ගන්න, මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක, ‘මම සලමොන්ගේ රාජ්‍යය පැහැරගෙන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.


ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.


“ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”


හිමි සමිඳුනි, මාගේ අයුතුකම් මහත් බැවින්, ඔබේ නාමය නිසා, මට කමාවුව මැනව.


තවද, ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවලටත්, එළු රූප හා ගව රූප වන දේවතාවන්ටත් පූජකයන් පත් කරගත්තේ ය.


ඔහු මේ බලකොටු සවි කර, ඒවායේ අධිපතීන් සිටුවා, ඒවායේ ආහාර සහ තෙල් ද මුද්‍රික පානය ද රැස් කොට තැබී ය.


දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා නුඹට දිනිමි. එහෙත්, නුඹ වනාහි මාගේ ආඥා පිළිපැද, මාගේ ඇස් හමුවෙහි හරි දේ පමණක් කරමින් තමාගේ මුළු හෘදයෙන් මා අනුව පැමිණි, මාගේ මෙහෙකරු දාවිත් මෙන් නොසිට,


මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.


ඒලීගේ පුත්‍රයන් සමිඳාණන් වහන්සේගේ පූජාව සුළු කොට සැලකූ බැවින් ඔවුන්ගේ පාපය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉතා බරපතල විය.


මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.


එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?


මේ කරුණ වූකලී ජෙරොබෝවම්ගේ වංශය පහකොට මිහි පිටින් විනාශ කිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.


මෙසේ සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන් දිවැසිවරුන් ලවා කියෙවූ ලෙස ඉශ්රායෙල් ජනයා තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු ජෙරොබෝවම් කළ සියලු ම පාපවලින් ඉවත් නොවී, ඒවායෙහි හැසුරුණෝ ය.


එසේ වුවත්, ඔහු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් අහක් නොවී ඒවා දිගට ම කරගෙන ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්