Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 15:30 - Sinhala New Revised Version

30 උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 15:30
15 හුවමාරු යොමු  

ජුදාහි රජ වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී නව අවුරුද්දක් රජකම් කෙළේ ය.


ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා කර ඇති බලවත් නපුරුකම් නිසා නුඹලාටත් වන්නේ මේ විපත ම ය. යුද ගිනි ඇවිලෙන විට ඉශ්රායෙල් සහමුලින් ම වනසා දමනු ලබනවා ඇත.”


සමාරියේ රජ වතුරට ගසාගෙන යන ලී පතුරක් සේ පහ වී යන්නේ ය.


මේ සෙනඟ නොබෝ කලකින් මෙසේ කියනු ඇත: “අප දෙවියන් වහන්සේට ගරුබිය නොදැක්වූ බැවින් අපට රජ කෙනෙක් නැත. එහෙත්, රජ කෙනෙකුගෙන් අපට වැඩක් ඇද් ද?


“මේ සෙනඟ හෙමින් ගලා බැස යන ෂිලොවාහි දිය ඇල එපා කොට, රෙශීන් ද පෙකා රජු ද ඉදිරියේ වෙවුළන බැවින්,


ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාර කරන ලෙස අසිරියාවේ රජු වෙත පණිවුඩයක් යැවී ය.


රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය.


ඔහුගේ අශ්ව රථාධිපතියා වන රෙමලියාගේ පුත් පෙකා, ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මිනිසුන් පණස්දෙනෙකුත් කැඳවාගෙන අවුත්, සමාරියෙහි රජවාසලේ බලකොටුවේ දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය.


ජාබෙශ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට සෙනඟ ඉදිරියේ ඔහුට පහර දී මරා, ඔහු වෙනුවට රජ විය.


ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.


පෙකාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.


ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්