Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 13:14 - Sinhala New Revised Version

14 තමා මරණයට පත් කරන රෝගය එලිෂාට වැළඳුණ විට, ඉශ්රායෙල් රජු වන ජෝවාෂ් ඔහු වෙත ගොස් ඔහු ළඟ සිටගෙන අඬා, “මාගේ පියාණෙනි, ඉශ්රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවන් මෙන් බලවත් මාගේ පියාණෙනි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 තමා මරණයට පත් කරන රෝගය එලිෂාට වැළඳුණ විට, ඉශ්රායෙල් රජු වන ජෝවාෂ් ඔහු වෙත ගොස් ඔහු ළඟ සිටගෙන අඬා, “මාගේ පියාණෙනි, ඉශ්රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවන් මෙන් බලවත් මාගේ පියාණෙනි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්‍රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 13:14
19 හුවමාරු යොමු  

ඔහු ඔබ හැම දෙනා දැකීමට තද ආශාවක් ඇති ව සිටියේ ය, තමා රෝගාතුර ව සිටිය බව ඔබට සැළ වූ බැවින් ඉතා කණගාටු විය.


එලිෂා ඒ දැක, “ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය.


එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.


ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය.


කලක් ගිය පසු, “ඔබේ පියා ලෙඩින් සිටී”ය යි ජෝසෙප්ට දන්වන ලදුව, ඔහු තම පුතුන් දෙදෙන වන මනස්සේ සහ එප්‍රායිම් තමා කැටුව ගෙන ගියේය.


මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.


ධර්මිෂ්ඨයා මිය යන්නේ ය, එහෙත් කිසිවෙක් එය සිතට නොගන්නේ ය. බැතිමත්හු අභාවයට යති. එහෙත් කිසිවෙක් එය තේරුම් නොගනිති. මන්ද, විපත පැමිණෙන්න පෙර ඔව්හු ගෙනයනු ලබති.


දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය.


නුඹලාගේ මුතුන්මිත්තෝ දැන් කොහේ ද? ඒ දිවැසිවරු සදාකාලයට ම සිටිත් ද?


දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය ආරක්ෂා කරන පිණිස කපොලුවල සිටිය හැකි මිනිසෙකු මම ඔවුන් අතරේ සෙවීමි. එහෙත්, කිසිවෙක් මට සම්බ නො වී ය.


එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි.


අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි.


සමිඳුනි, පිහිට වුණ මැනව. සැදැහැවතුන් ඉතිරි ව නැත. විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත.


ඉශ්රායෙල් රජු ඔවුන් දැක, “මාගේ පියාණෙනි, ඔවුන්ට පහර දෙම් ද? පහර දෙම් දැ”යි එලිෂාගෙන් ඇසී ය.


ජෝවාෂ්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ බලවන්තකම් වන ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ජෝවාෂ් ද මියගියේ ය. ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය. ජෝවාෂ් සමාරියෙහි ඉශ්රායෙල් රජුන් සමඟ තැන්පත් කරනු ලැබී ය.


එලිෂා ද, “දුන්නක් හා ඊගස් ගන්නැ”යි ඔහුට කී ය. ඔහු දුන්න සහ ඊගස් ගත්තේ ය.


මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.


එවිට ජෝසෙප් තම පියාගේ මුහුණ බදාගෙන හඬමින් ඔහු සිඹින්නට විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්