Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:1 - Sinhala New Revised Version

1 ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියහ. ජේහු ලියුම් ලියා සමාරියේ සිටි ජෙශ්‍රෙයෙල්හි අධිපතීන් වන ප්‍රජා මූලිකයන්ට ද ආහබ්ගේ දරුවන් ඇතිදැඩි කළ භාරකාරයන්ට ද යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියහ. ජේහු ලියුම් ලියා සමාරියේ සිටි ජෙශ්‍රෙයෙල්හි අධිපතීන් වන ප්‍රජා මූලිකයන්ට ද ආහබ්ගේ දරුවන් ඇතිදැඩි කළ භාරකාරයන්ට ද යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියෝය. යේහු ලියුම් ලියා සමාරියේ සිටි යෙස්‍රෙයෙල්හි අධිපතීන්වූ වැඩිමහල්ලන්ටද ආහබ්ගේ දරුවන් ඇතිදැඩිකළ තැනැත්තන්ටද ඇරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:1
14 හුවමාරු යොමු  

මන්ද, ඔහු බෙතෙල්හි පූජාසනයටත්, සමාරියේ නගරවල කඳු මත පූජාස්ථානවලටත් විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ ආඥාව පරිදි කී පණිවුඩය ඉෂ්ට වනු සිකුරු ය”යි කී ය.


ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ හැත්තෑදෙනෙක් වූ හ. එසේ වූයේ, ඔහුට බොහෝ භාර්යාවන් සිටි බැවිනි.


ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.


ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ‍ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය.


ඔම්රී මරණයට පත් වූ විට සමාරියෙහි භූමිදාන කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහබ් ඔහු වෙනුවට රජ විය.


ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.


ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.


ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය.


මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ‘ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට, කිරි මවක කිරි බොන දරුවෙකු උසුලාගෙන යන ලෙස, ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න’ කියා ඔබ මට කීමට ඇත්තෙන් ම ඔවුන් ජනිත කෙළේ මම ද?


ජෙශ්‍රෙරයෙල් ද ජොක්දෙයාම් ද ශානොවා ද


“ආහබ් මා ඉදිරියෙහි යටත් වූ අයුරු නුඹ දුටුවෙහි ද? ඔහු මා ඉදිරියෙහි යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේ දී නොව, ඔහුගේ පුත්‍රයාගේ කාලයේ දී ඔහුගේ වංශය පිට පමුණුවන්නෙමි”යි කී ය.


සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්