Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 පේත්‍රැස් 1:8 - Sinhala New Revised Version

8 මේ ගුණ දහම් ඔබ තුළ වර්ධනය වෙමින් පවතී නම්, ඒවා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැන ගැනීමෙහි ලා, අලස වීමට වත්, නිෂ්ඵල වීමට වත්, ඔබට ඉඩ නොදෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මෙම ගුණාංග ඔබට හිමිව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මේ ගුණ දහම් ඔබ තුළ වර්ධනය වෙමින් පවතී නම්, ඒවා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැන ගැනීමෙහි ලා, අලස වීමට වත්, නිෂ්ඵල වීමට වත්, ඔබට ඉඩ නොදෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 පේත්‍රැස් 1:8
33 හුවමාරු යොමු  

තවද, අපේ සෙනඟ නිෂ්ඵල ව කල් නොයවා, නියම අවශ්‍යතා සඳහා යහපත් වැඩවල යෙදී සිටීමට ඉගෙනගත යුතු ය.


ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.


උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.


තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය.


ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා.


සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු.


එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.


දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා!


මාගේ යාච්ඤාව නම්, නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැන ගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ සහභාගිකම ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පලදායී වීමයි.


සහෝදරවරුනි, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ. මන්ද, ඔබගේ ඇදහිල්ල පුදුමාකාරයෙන් වර්ධනය වන නිසාත්, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අධික වී තිබෙන නිසාත්, එසේ කිරීම යුතු ය.


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා!


ඔබ ඇදහිල්ලේ පවතින්නහු ද කියා ඔබ ම සෝදිසි කර බලන්න; විමසා බලන්න. ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවසන බව ඔබ නොදන්නහු ද? නොදන්නහු නම් ඔබ පරාජිතයෝ වන්නහු ය.


උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න.


තවද, දෙවියන් වහන්සේ ඔබට දක්වා ඇති මහා කරුණාව නිසා, ඔවුන් මහත් ළැදිකමකින් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත.


එනම්, බොහෝ දුක් පීඩා මැද ඔවුන් පරීක්ෂා කරනු ලැබූ නමුත්, ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් අධික වී ද යත්, ඉතා දිළිඳු වුව ද, ඔවුන්ගේ ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පොහොසත් වූ බව ය.


තවද ඔව්හු, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති. අලස වෙනවා පමණක් නොව, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති.


අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳාණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත්, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා!


ඇදහිල්ලෙන් ද කතාවෙන් ද දැනගැන්මෙන් ද උද්‍යෝගිමත්භාවයෙන් ද අප වෙත ඇති ඔබගේ ප්‍රේමයෙන් ද ඔබ පොහොසත් වී සිටින්නාක් මෙන් මේ සහනාධාර සේවයෙහි ද පොහොසත් වී සිටින්න.


අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්‍යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න;


එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි.


ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්, ‘කම්මැලි කපටි දාසය, මා නොවපුළ තැනින් කපාගන්නා බවත්, වගා නොකළ තැනින් පල රැස් කරගන්න, බවත් ඔබ දැන සිටියෙහි ද!


සවස පහට පමණ ද පිටත් ව ගොස් එහි තවත් අය සිටිනු දැක, ‘ඔබ මෙතැන දවස තිස්සේ නිකම් සිටින්නේ මන්දැ’යි ඔවුන්ගෙන් ඇසී ය.


උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක,


පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.


කුසීතකම බර නින්දට පමුණුවයි. කම්මැළියා සාගින්නෙන් පෙළෙයි.


සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.


එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්,


සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.


උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය.


අප ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසඟ වුණොත්, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය.


අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්