Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තෙසලෝනික 2:14 - Sinhala New Revised Version

14 එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 අපගේ ශුභාරංචිය මඟින් දෙවියන්වහන්සේ ඊට ඔබ කැඳවූයේ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔබත් අත්කර ගන්නා පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ලබාගැනීම පිණිස උන්වහන්සේ අපේ ශුභාරංචිය කරණකොටගෙන නුඹලා ඊට කැඳෙවුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තෙසලෝනික 2:14
19 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.


එවිට ක්‍රිස්තුන් වහන්සේ මඟින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳවූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේ ම ඔබ ස්වල්ප කලක් දුක් වින්ද පසු, ඔබ සම්පූර්ණ කර, ස්ථීර, ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක.


මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය.


අපි දරුවෝ නම් උරුමක්කාරයෝ ද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝ ද ක්‍රිස්තුන් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ ද වම්හ. මන්ද, දැන් උන් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්, අනාගතයේ දී උන් වහන්සේගේ මහිමයේ පංගුකාරයෝ ද වම්හ.


මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.


අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු; අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.


තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්,


දෙවියන් වහන්සේට මහිමය වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුබ අස්න අනුව ද දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අබිරහස අනුව ද ඔබ ඇදහිල්ලෙහි ස්ථීර ලෙස පිහිටුවීමට උන් වහන්සේ පොහොසත් වන සේක.


“පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි.


අප ඒකත්වයක් ව සිටින්නා සේ ම, ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි.


ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.


ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.


දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත.


උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්