Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 තෙසලෝනික 2:12 - Sinhala New Revised Version

12 මෙසේ, සත්‍යය විශ්වාස නොකොට පාපයට ප්‍රිය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 සත්‍යය විශ්වාස නො කොට අධර්මිෂ්ඨකම තුළ සතුටු වූ සියල්ලන් දඬුවමට පත් කරන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මෙසේ, සත්‍යය විශ්වාස නොකොට පාපයට ප්‍රිය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්‍රියාකිරීමක් ඔවුන්ට එවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තෙසලෝනික 2:12
21 හුවමාරු යොමු  

සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;


“සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති.


එහෙත්, නුඹලා යහපතට ද්වේෂ කර අයහපතට ඇලුම් වන්නහු ය. නුඹලා මාගේ සෙනඟට හඬ ගසා, කටුවලින් ඔවුන්ගේ මස් ඉරා දමන්නහු ය.


ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය.


අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.


යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”


මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.


ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.


ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි.


ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.


ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ.


දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය.


විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය.


ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.


ප්‍රේමවන්තයෙනි, නපුර නොව යහපත ආදර්ශ කරගන්න. යහපත කරන්නා දෙවියන් වහන්සේගේ දරුවෙකි; නපුර කරන්නා දෙවියන් වහන්සේ නුදුටුවෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්