Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 කොරින්ති 2:5 - Sinhala New Revised Version

5 එහෙත් යමෙක් දුක් දී ඇත්නම් ඔහු දුක් දී ඇත්තේ මට නොව, තරමක්දුරට ඔබ හැමට ය. මෙසේ කීම අතිශයෝක්තියක් නොවේ යයි සිතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 යමකු වේදනාවක් ඇති කළා නම්, ඔහු එය ඇති කළේ මට නො ව, තරමක් දුරකට ඔබ හැමට ය. එසේ කීවේ තත්වය වඩා උග්‍ර කර නො දැක්වීමට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත් යමෙක් දුක් දී ඇත්නම් ඔහු දුක් දී ඇත්තේ මට නොව, තරමක්දුරට ඔබ හැමට ය. මෙසේ කීම අතිශයෝක්තියක් නොවේ යයි සිතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එහෙත් යමෙක් ශෝක ඉපදෙවූවේ නම් ඔහු මට නොව, පමණක් දුරට නුඹලා සියල්ලන්ටම ශෝක ඉපදෙවූවේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 2:5
6 හුවමාරු යොමු  

අනුවණ පුතා සිය පියා හට ශෝකයකි, වැදූ මවට දුකකි.


එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය.


සහෝදරවරුනි, මා ඔබෙන් උදක් ම ඉල්ලන්නේ ඔබත් මා හා සමාන වන්නට කියා ය. වරක් මමත් ඔබ හා සමාන ව සිටියෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත.


ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්