Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 12:17 - Sinhala New Revised Version

17 මා ඔබ වෙත එවූ අයගෙන් යමෙකු ලවා ඔබගෙන් අයුතු වාසියක් ලබාගතිම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 මා ඔබ වෙත එවූ අයගෙන් කවරකු ලවා මා ඔබෙන් වාසියක් ලබා ගත්තා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මා ඔබ වෙත එවූ අයගෙන් යමෙකු ලවා ඔබගෙන් අයුතු වාසියක් ලබාගතිම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මා නුඹලා ළඟට එවූවන්ගෙන් යමෙකු ලවා නුඹලාගෙන් වාසියක් ලබාගතිම්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 12:17
7 හුවමාරු යොමු  

ඔබ වෙත යන ලෙස මා තීතස්ගෙන් උදක් ම ඉල්ලා ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් ඔබෙන් අයුතු වාසියක් ලබාගත්තේ ද? අපි එක ම ආත්මයාණන්ගෙන් මඟපෙන්වීම ලබා, එක ම මාර්ගයේ ගමන් නොකෙළෙමු ද?


එබැවින්, ඔබ පොරොන්දු වී ඇති දීමනාව කල් තියා සූදානම් කරන පිණිස, මට පෙරටුව යන මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලීම අවශ්‍ය යයි සිතුවෙමි. එවිට, ඒ දීමනාව බල කිරීම නිසා දෙන දෙයක් නොව ත්‍යාගශීලී ව දෙන්නක් බව පැහැදිලි වනු ඇත.


තිමෝතියස් පැමිණියහොත් ඔහුට කිසි බියක් නැති ව ඔබ අතර නැවතී සිටීමට ඉඩ සලසන්න. මන්ද, ඔහු මා වාගේ ම සමිඳාණන් වහන්සේගේ සේවකයෙකි.


එබැවින් මේ සඳහා සමිඳාණන් වහන්සේ තුළ මට ප්‍රියාදර, විශ්වාසවන්ත පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැමතැන, හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත.


ඔහු ද කතා කරමින්, “මා සේවය කරන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි”යි දිවුරමින් කීවේ ය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේ ය. එහෙත්, ඔහු අකමැති විය.


ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්