Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 8:12 - Sinhala New Revised Version

12 එකල සලමොන් ද්වාර මණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනඟා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට උන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එකල සලමොන් ද්වාර මණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනඟා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට උන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එකල සාලමොන් ද්වාරමණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනගා තිබුණ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 8:12
8 හුවමාරු යොමු  

ඔහු ලෝකඩ පූජාසනයක් ද සෑදුවේ ය. එහි දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් හතරයි දශම පහකි.


ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක.


ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි කියත් වා!”


උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.


ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.


පවිත්‍ර රන් මස් කොකුවලත්, තාලිවලත්, පාත්‍රවලත්, රන් කුසලාන්වලත්, සැලැස්ම ද එක එක කුසලානේ බර ද රිදී කුසලාන්වල සැලැස්ම ද එක එක කුසලානේ බර ද


එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය.


අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්