Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 35:17 - Sinhala New Revised Version

17 එහි සිටි ඉශ්රායෙල්වරු පාස්කුවත්, මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එහි සිටි ඉශ්රායෙල්වරු පාස්කුවත්, මුහුන් නොදැමූ පූප මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවත් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත්තුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 35:17
12 හුවමාරු යොමු  

දින හයක් ඔබ නුමුහුන් රොටි කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”


“නුඹ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.


නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.


සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස් සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:


මෙසේ ජොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්නත්, සමිඳාණන් වහන්සේගේ පූජාසන පිට දවන යාග පූජා ඔප්පු කරන්නත් සමිඳාණන් වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළ කර තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්