Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:4 - Sinhala New Revised Version

4 ඔහු බලාගෙන සිටිය දී බාල් පූජාසන කඩා දමන ලද්දේ ය. ඒවාට උඩින් තිබුණු සුවඳ දුම් පුදන පූජාසන ඔහු කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද බිඳ කුඩු කොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඔහු ඒවා ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔහු බලාගෙන සිටිය දී බාල් පූජාසන කඩා දමන ලද්දේ ය. ඒවාට උඩින් තිබුණු සුවඳ දුම් පුදන පූජාසන ඔහු කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද බිඳ කුඩු කොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඔහු ඒවා ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔහු ඉදිරිපිටදී බාල්ගේ පූජාසන කඩා දමනලද්දේය; ඒවාට උඩින් තිබුණු සූර්ය–රූප ඔහු කපාදමා, අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද බිඳ කුඩුකොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඉස්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:4
21 හුවමාරු යොමු  

පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය.


මම ද නුඹලාගේ ගිරිකුළු දේවාල වනසා දේව ප්‍රතිමා සිඳ බිඳදමා, නුඹලාගේ මළකඳන් දේව පිළිමවල නටබුන් මත ගොඩ ගසන්නෙමි. මම ද නුඹලා පිළිකුල් කරන්නෙමි.


විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.


එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි; වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි.


ඔහු ඉශ්රායෙල් දේශය මුළුල්ලෙහි තිබූ පූජාසන කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද බිඳ දමා, ඒවා කුඩුකර, සියලු සුවඳ දුම් පූජාසන වනසා ජෙරුසලමට හැරී ආයේ ය.


තම පිය වූ හෙසකියා කඩාදැමූ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දේවතාවන්ට පූජාසන ඉදි කොට අෂේරා කප් කණු සෑදුවේ ය. ඔහු අහසේ ග්‍රහතාරකාවන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය.


ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි.


මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.


ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.


ඔබ ඔවුන්ට මෙලෙස කළ යුතු ය. ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු කපාදමා, නෙළූ දේව රූප ගින්නේ දැවිය යුතු ය.


නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට හිස නමා වැඳුම්පිදුම් නොකළ යුතු ය. ඔවුන් ක්‍රියා කරන ලෙස ක්‍රියා නොකළ යුතු ය. තවද, නුඹලා ඔවුන්ගේ රූප සහමුලින් ම වනසා, ඔවුන්ගේ ශිලාස්තම්භ කඩා බිඳදැමිය යුතු ය.


තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.


ඔහු තමාගේ පිය වූ මනස්සේ කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, තමාගේ පිය වූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජා කොට වැඳුම්පිදුම් කෙළේ ය.


මේ සියල්ල සිදු වන්නේ, ජාකොබ් සෙනඟගේ අපරාධ හා ඉශ්රායෙල් වංශයේ පාප නිසා ය. ජාකොබ්ගේ අපරාධය කුමක් ද? සමාරිය නොවේ ද? ජුදාහි සෙනඟගේ ගිරිකුළු දේවාල මොනවා ද? ජෙරුසලම නොවේ ද?


උන් වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින්, “එම්බා පූජාසනය, පූජාසනය, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජොසියා නම් පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, කඳු මත පූජාස්ථානවල සුවඳ පූජා ඔප්පු කරන පූජකයන් මේ පූජාසනය පිට පූජා කරන්නේ ය; මිනීඇට ද තා පිට දවනු ලබන්නේ ය’ ”යි පැවසී ය.


ඔව්හු පැමිණ ජෙරුසලමෙහි තිබූ පූජාසන පහකළෝ ය. සියලු දුම් පූජාසනත් පහකොට ඒවා කිද්‍රොන් ඔයට දැමුවෝ ය.


මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.


ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්