Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:13 - Sinhala New Revised Version

13 ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත්, එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් නිලධාරීන් ව සිටියෝ ය. ලෙවීවරුන්ගෙන් සමහරු ලිපිකරුවන් ව, නිලධාරීන් ව, දොරටු පාලකයන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත්, එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් නිලධාරීන් ව සිටියෝ ය. ලෙවීවරුන්ගෙන් සමහරු ලිපිකරුවන් ව, නිලධාරීන් ව, දොරටු පාලකයන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත් එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් මුලාදෑනියෝව සිටියෝය. ලෙවීවරුන්ගෙන් සමහරු ලියන්නෝව මුලාදෑනියෝව දොරටුපාලයෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:13
17 හුවමාරු යොමු  

ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.


ඔහු ඔවුන්ගෙන් හැත්තෑදහසක් බර අදින පිණිස ද අසූදහසක් කඳුකරයේ ලී කැපීමට ද තුන්දහස් හයසියයක් සෙනඟ ලවා වැඩ කරවන නිලධාරීන් කොට ද පත් කෙළේ ය.


එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී,


‘අපි ප්‍රඥාවන්තයෝ ය; සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේ ය’යි නුඹලා කියන්නේ කොහොම ද? බලන්න, වංක විනයධරයන් ව්‍යවස්ථාව බොරු කර ඇත.


මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.


තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පන්ති ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ පන්තිවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.


සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පණස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය.


ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන්‍ දෙදහසක් ද යව මෙට්රික් ටොන්‍ දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.


ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.


ඕබෙද්-ඒදොම් ද ඔවුන්ගේ සහෝදරයන් හැටඅටදෙනෙකු ද සිටෙව්වේ ය. ජෙදුතුන්ගේ පුත් ඕබෙද්-ඒදොම් ද හෝසා ද දොරටු පාලයන් කොට නියම කෙළේ ය.


ඔවුන් සමඟ දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන ශෙකරියා ද බෙන් ද ජයසීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙයීයෙල් ද උන්නී ද එලියාබ් ද බෙනායා ද මයසේයා ද මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද පත් කළෝ ය.


දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය.


මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්