Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:11 - Sinhala New Revised Version

11 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ අතින් අප ගළවාගන්න සේකැ යි කියමින්, හෙසකියා ඔබ හැම පොළඹවන්නේ සාපිපාසයෙන් මැරෙන්න ඔබ සියල්ලන් භාර දෙන පිණිස නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ අතින් අප ගළවාගන්න සේකැ යි කියමින්, හෙසකියා ඔබ හැම පොළඹවන්නේ සාපිපාසයෙන් මැරෙන්න ඔබ සියල්ලන් භාර දෙන පිණිස නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ අතින් අප ගළවාගන්නසේකැයි කියමින් හෙසකියා නුඹලා පොළඹන්නේ සාපිපාසයෙන් මැරෙන්ට නුඹලා භාරදෙන පිණිස නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:11
14 හුවමාරු යොමු  

මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ.


සමිඳාණන් වහන්සේ ඔබ හැම ගළවාගන්න සේකැ යි කියමින් ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. අන් ජාතීන්ගේ දෙවිවරු අසිරියාවේ අධිරාජයාගෙන් ඒ ජාතීන් බේරා ගත්තෝ ද?


ඔහු පිළිතුරු දෙමින් මෙසේ කී ය: “අධිරාජයා මා එව්වේ, ඔබටත්, ඔබේ රජ්ජුරුවන්ටත් මේ දේ කියන්න යැයි ඔබ සිතන්නහු ද? එසේ නොවේ, මා කතා කරන්නේ ඔබට මෙන් ම තමන්ගේ ම අශූචි කන්නත් තමන්ගේ ම මුත්‍රා බොන්නත් නියම වී පවුර පිට සිටින මේ සෙනඟට ය.”


“දෙවිඳාණෝ ඔහු අත්හැරිය සේක. ඔහු ගැළවීමට කිසිවෙකු නැති බැවින් අපි ඔහු ලුහුබැඳ අල්ලාගනිමු”යි ඔව්හු කියන්නෝ ය.


මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.


“සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?”


“දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.


එබැවින් ඔබ රවටන්න වත්, මෙලෙස ඔබ පොළඹවන්න වත් හෙසකියාට ඉඩ නොදෙන්න. ඔහු විශ්වාස නොකරන්න. මන්ද, කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවි කෙනෙකුට වත් තමාගේ සෙනඟ මාගේ අතින් වත්, මාගේ පියවරුන්ගේ අතින් වත් ගළවාගන්න පුළුවන් නො වී ය. එසේ නම්, ඔබේ දෙවියන් වහන්සේ ඔබ හැම මාගේ අතින් ගළවන්නේ කෙසේ දැ”යි කීවේ ය.


“ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න.


සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න.


එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය.


“අසිරියාවේ රජ වන සෙනකෙරීබ් මෙසේ කියන්නේ ය: ඔබ ජෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාස කරගෙන ද?


ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්