Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:1 - Sinhala New Revised Version

1 මේ කාරණාවලටත්, මේ සේවයටත් පසු ව, අසිරියාවේ රජ වන සෙනකෙරීබ් අවුත්, ජුදා දේශයට ඇතුළු ව, පවුරු ඇති නගර අල්ලාගන්න සිතා ඒවාට විරුද්ධ ව කඳවුරු බැන්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මේ කාරණාවලටත්, මේ සේවයටත් පසු ව, අසිරියාවේ රජ වන සෙනකෙරීබ් අවුත්, ජුදා දේශයට ඇතුළු ව, පවුරු ඇති නගර අල්ලාගන්න සිතා ඒවාට විරුද්ධ ව කඳවුරු බැන්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මේ කාරණාවලටත් මේ විශ්වාස මෙහෙයටත් පසුව අෂූර්හි රජවූ සෙනකෙරිබ් ඇවිත් යූදාට ඇතුල්ව, පවුරු ඇති නුවරවල් අල්ලාගන්ට සිතා ඒවාට විරුද්ධව කඳවුරු බැන්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:1
16 හුවමාරු යොමු  

“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”


“ඔවුන් මා වෙත හැරී එන්නට අකමැති නිසා ඔවුන්ට මිසරයට ආපසු යන්න සිදු වේ. අසිරියා රජු ඔවුන් පාලනය කරනු ඇත.


හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් පවුරුවලින් ආරක්ෂා කරන ලද ජුදාහි නගරවලට පහර දී ඒවා අල්ලාගත්තේ ය.


අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය.


තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.


අසිරියාවේ රජ වූ පූල් දේශය ආක්‍රමණය කෙළේ ය. මෙනහෙම් ද රාජ බලය තමා අතේ තහවුරු කරගැනීමට, පූල් තමාට උදව් වන පිණිස රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් ඔහුට දුන්නේ ය.


සෙනකෙරීබ් පැමිණ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන්න යන බව හෙසකියා දැක,


එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.


ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්‍රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය.


සතුරෝ අද නොබ් නගරයට පැමිණ සිටිති. එහි සිටිමින් ඔව්හු සියොන් කන්දටත්, ජෙරුසලම් නුවරටත් විරුද්ධ ව අත් අමෝරාගෙන සිටිති.


එවිට අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් තෙමේ පසු බැස නිනිවයට ආපසු ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්