Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:27 - Sinhala New Revised Version

27 හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 හෙසකියාද පූජාසනය පිට දවන පූජාව ඔප්පුකරන්ට අණකෙළේය. දවන පූජාව පටන්ගන්න වේලාවට ස්වාමීන්වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව පටන්ගන්නාලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:27
9 හුවමාරු යොමු  

තවද, දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතිය ද ගී ගැයීම ද ඇති ව, සමිඳාණන් වහන්සේගේ දවන යාග පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පු කිරීමට, ජෙහෝයාදා උන් වහන්සේගේ මාලිගාවේ මුර මෙහෙයවල් දාවිත් විසින් උන් වහන්සේගේ මාලිගාවේ සේවයට බෙදා නියම කරන ලද ලෙවීවරුන් වන පූජකයන් අතට බාර කෙළේ ය.


සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


ඔහු සෙනඟ සමඟ සම්මන්ත්‍රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.


සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, “උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළෝ ය.


ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.


මුළු සභාව වැඳ වැටී සිටියා ය. ගී ගයන්නෝ ගී ගැයූ හ. හොරණෑකාරයෝ නළා පිම්බෝ ය. දවන යාග පූජාව නිම වන තුරු සියල්ල එසේ පැවතිණි.


පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.


ජෙරුසලමෙහි සිටි ඉශ්රයෙල්වරු ද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය ඉමහත් ප්‍රීතියෙන් සත් දවසක් පැවැත් වූ හ. ලෙවීවරු ද පූජකයෝ ද මුළු ශක්තිය යොදා තූර්ය භාණ්ඩ රැගෙන ගී ගයමින්, සමිඳාණන් වහන්සේට දවසින් දවස ප්‍රශංසා කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්