Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 28:11 - Sinhala New Revised Version

11 එබැවින් මට ඇහුම්කන් දී ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එබැවින් මට ඇහුම්කන් දී ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එබැවින් මට ඇහුම්කන්දී නුඹලාගේ සහෝදරයන්ගෙන් අල්වාගත් තැනැත්තන් ආපසු යවන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තද උදහස නුඹලා කෙරෙහි තිබේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:11
10 හුවමාරු යොමු  

එකල එප්‍රායිම්වරුන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙකු වූ ජොහානාන්ගේ පුත් අශරියා ද මෙෂිල්ලේමොත්ගේ පුත් බෙරෙකියා ද ෂල්ලුම්ගේ පුත් ජෙහිස්කියා ද හද්ලයිගේ පුත් අමාසා ද යුද්ධයෙන් ආ අයට විරුද්ධ ව නැඟිට සිට,


තවද, ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන් ද පුත්‍රයන් ද දූවරුන් ද දෙලක්ෂයක් අල්ලාගෙන, ඔවුන්ගෙන් විශාල කොල්ලයකුත් රැගෙන ඒ කොල්ලය සමාරියට ගෙන ගියෝ ය.


දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් ක්‍රියා කරත්වා. මේ කාරණය නිසා, අපේ දෙවියන් වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහ ව යන තුරු, අපේ නගරවල අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටින සියල්ලෝ ද ඔවුන් සමඟ එක එක නුවර ප්‍රජා මූලිකයෝ ද විනිශ්චයකරුවෝ ද නියමිත කාලවල දී පැමිණෙත්වා”යි කීවෝ ය.


ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය.


මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.


දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය.


ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.


දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්