Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:21 - Sinhala New Revised Version

21 උශ්ශියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා ලාදුරු රෝගියෙකු වී සිටියේ ය. ලාදුරු රෝගියෙකු ලෙස වෙන් වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසය කෙළේ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීම ඔහුට තහනම් ව තිබිණි. ඔහුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 උශ්ශියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා ලාදුරු රෝගියෙකු වී සිටියේ ය. ලාදුරු රෝගියෙකු ලෙස වෙන් වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසය කෙළේ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීම ඔහුට තහනම් ව තිබිණි. ඔහුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව සිටියේය, කුෂ්ඨරෝගියෙක් ලෙස වෙන්වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසයකෙළේය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීම ඔහුට තහනම්ව තිබුණේය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:21
9 හුවමාරු යොමු  

බෝවෙන චර්ම රෝගය ඇති මුළු කාලය තුළ ම ඔහු කෙලෙසුණු, අපවිත්‍ර කෙනෙකි. ඔහු කඳවුරෙන් පිටත හුදකලා ව විසිය යුතු ය.


කුෂ්ඨ රෝගීහු සතර දෙනෙක් වාසල් දොරකඩ සිටියෝ ය. ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නහින තුරු කුමට මෙහි සිටිමු ද?


දින හතකට මීරියම් කඳවුරෙන් නෙරපාදමනු ලැබුවා ය. ඈ යළි පැමිණෙන තෙක් සෙනඟ ද යන්නට පිටත් නො වූ හ.


පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.


උත්තම පූජකයා වූ අශරියා ද සියලු පූජකයෝ ද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ ලාදුරු රෝගයක් මතු වී තිබෙන බව දැක, ඔහු එතැනින් වහා ම නෙරපා දැමූ හ. එසේ ය, සමිඳාණන් වහන්සේ තමාට පහර දුන් නිසා, පිටතට යන්න ඔහු ම ඉක්මන් කෙළේ ය.‍


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.


ජෝතාම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්