Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:13 - Sinhala New Revised Version

13 ඔවුන් යටතේ සතුරාට විරුද්ධ ව රජුට උදව් වන පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් තුන්ලක්ෂ හත්දහස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් ඔහුට සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔවුන් යටතේ සතුරාට විරුද්ධ ව රජුට උදව් වන පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් තුන්ලක්ෂ හත්දහස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් ඔහුට සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:13
9 හුවමාරු යොමු  

තවද, අමශියා ජුදාවරුන් රැස්කර, මුළු ජුදා දේශයෙහි ද බෙන්ජමින් දේශයෙහි ද ඔවුන්ගේ පිය වංශවල හැටියට ඔවුන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද යටතේ පත්කොට, විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් වූවන් ගණන් කර, හෙල්ල ද පලිස් ද ගෙන යුද්ධ කරන්න දක්ෂ වූ තෝරා ගත් මනුෂ්‍යයන් තුන්ලක්ෂයක් සිටි බව දැනගත්තේ ය.


ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.


එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය.


රෙහොබෝවම් ජෙරුසලමට පැමිණ, තමාට රාජ්‍යය නැවත ලබාගන්න ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස, ජුදා වංශයෙන් ද බෙන්ජමින් වංශයෙන් ද වන තෝරාගත් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.


තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය.


බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදස් හයසියයක් ය.


උශ්ශියා ඒ මුළු සේනාවට පලිස් ද හෙල්ල ද තොප්පි ද යුද්ධ සැට්ට ද දුනු ද විසි කිරීමට ගල් ද පිළියෙළ කෙළේ ය.


ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්