Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 24:24 - Sinhala New Revised Version

24 සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 සිරියවරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙක්ව පැමිණි නමුත්, යූදාවරුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා ස්වාමීන්වහන්සේ ඉතා මහත් සේනාවක් ඔවුන් අතට පාවාදුන්සේක. මෙසේ ඔව්හු යෝවාෂ් කෙරෙහි දඬුවම් පැමිණෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 24:24
19 හුවමාරු යොමු  

එක සතුරෙකු දුටු විට නුඹලාගෙන් දහසක්දෙනා පලා යන්නෝ ය. කන්දක් උඩ හුදකලා ව තිබෙන ධජ සංකේතයක් හැර නුඹලාගේ හමුදාවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත.


තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය.


“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.


මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත.


මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.


නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනකු ද සියදනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.


ස්වාමීනි, දඬුවම් කරන පිණිස විනිශ්චය කිරීමේ ආයුධයක් සේ ඔබ ම බබිලෝනිවරුන් තෝරාගෙන ඔවුන් පර්වතයක් මෙන් ශක්තිමත් කර ඇත. මාගේ දෙවි සමිඳුනි, මාගේ ශුද්ධ තැනැන් වහන්ස, ඔබ ආදියේ සිට අමරණීය දෙවියන් වහන්සේ නොවන සේක් ද?


නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ “


පොළොවේ සීමාන්තවල ඇති දුර බැහැර රටවලින් ඔව්හු පැමිණෙති. මුළු දේශය වනසන පිණිස තමන් වහන්සේගේ උදහසේ ආයුධ වන ඔවුන් සමඟ මම පැමිණෙන්නෙමි.


දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය.


ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?


උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.


එකල සිරියාවේ රජ වන හසායෙල් අවුත් ගාත් නගරයට විරුද්ධ ව යුද්ධ කොට එය අල්ලාගෙන, ජෙරුසලමටත් විරුද්ධ ව පහර දෙන්නට තීරණය කරගත්තේ ය.


එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය.


ඒ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සිරියාවේ රජු අතට පාවා දුන් සේක. සිරියන්වරු ඔහුට පහර දී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙන ගියෝ ය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවූයෙන් ඒ රජ තෙමේ මහා ඝාතනයකින් ඔහු පරාජය කෙළේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම මිහි පිට ඇති සියලු දේ සහමුලින් ම විනාශ කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්